Posts
Showing posts from October, 2017
කෝට්ටේ යුගයේ පංච මහ සංදේශ
- Get link
- X
- Other Apps
පරෙවි සංදේශය කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය පරෙවි සන්දේශය යි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව කියන්නේ මෙලෙසයි “කඳ කුමරුන් වර ලද පසළොස් වයසවදහළ රහල් වැඩි තැන කල රුවු සඳෙස” රාහුල හිමියන් වැඩ සිටියේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයෙනුයි. පරෙවියා සංදේශය රැගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට යි. මේ පුරය (ජයවර්ධන පුරය) අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා ය. මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස වර්ණනා කරයි. වැනුම් : මඟ වැනුම්, පොකුණු වැනුම්, දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ලෙස වැනුම් විශාල ප‍්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 යි. කෝකිල සංදේශය සපුමල් කුමාරයා කතා නායකයා වේ. මෙය ඔහුට යැවෙන්න කි. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය...
ගිරා සංදේශය
- Get link
- X
- Other Apps
අන්වය - නන් වන් රුවන් රූවන්, සහ අකුරු මියුරු තෙපලෙන් සව් ලෙව් සතන් හදනා කිර රද සඳ සැරද. අර්ථය - නොයෙක් පැහැති රතන රූපයක් වැනි වූ, අකෂර සහිත මධුර වචනයෙන් සියලු ලෝකයාගේ සිත් ඇද ගන්නා ගිරා රාජොත්තමය, බොහෝ කල් ජීවත් වව. විස්තර - (1) සිංහලයේ සම්භාව්යස ගණයෙහි ලා සැලකෙන සන්දේශ කාව්යු අටක් ඇත. ඒවා නම් තිසර, මයූර, කෝකිල, පරෙවි, සැළලිහිණි, ගිරා, හංස හා සැවුල් යන සන්දේශයන්ය. මේ සෑම කාව්යසයක්මත් අවශේෂ, සන්දේශ සියල්ලමත් පාහේ ආරම්භ වනුයේ ‘සැරද’ යන පදයෙනි. එසේම පක්ෂියාගේ නමට අගින් උත්තමාර්ථවාචී ‘සඳ’ යන පදයද එක් කොට ඇත. සැළලිහිණියා හැරුණු විට අනික් හැම පක්ෂියෙක්ම තමථ වර්ගයට අයත් රාජයෙකි. ‘කිර රද’ ‘සැවුලිඳු’ ආදි යෙදුම්වලින් ඒ බව හැඟවෙයි. පක්ෂියෙකු වුවත් රාජයෙකු දූත කාර්යක යෙදවීම නුසුදුසු බව වටහා ගත්තේ නුවණින් මුහුකුරා ගිය රහල් හිමියන් පමණකි. (2) සාමාන්යුයෙන් දූතයන්ගේ වර්ණනා කෙරුණේ රූප ලාවණ්ය යයි. එහෙත් මයූර, කොවුල්, සැළලිහිණි හා ගිරා යන පක්ෂීන්ගේ කට හඬද වර්ණනා විය. සෙසු පක්ෂීන් ශබ්ද පමණක් නඟන අතර ගිරා, සැළලිහිණි දෙදෙනාට අකුරුද උච්චාරණය කළ හැකිය. එය ‘සුලකළ ‘කුරු’ යැයි සැළසිහිණියා සම්බන්ධයෙන් කිය...