කෝට්ටේ යුගයේ පංච මහ සංදේශ
පරෙවි සංදේශය කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය පරෙවි සන්දේශය යි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව කියන්නේ මෙලෙසයි “කඳ කුමරුන් වර ලද පසළොස් වයසවදහළ රහල් වැඩි තැන කල රුවු සඳෙස” රාහුල හිමියන් වැඩ සිටියේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයෙනුයි. පරෙවියා සංදේශය රැගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට යි. මේ පුරය (ජයවර්ධන පුරය) අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා ය. මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස වර්ණනා කරයි. වැනුම් : මඟ වැනුම්, පොකුණු වැනුම්, දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ලෙස වැනුම් විශාල ප්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 යි. කෝකිල සංදේශය සපුමල් කුමාරයා කතා නායකයා වේ. මෙය ඔහුට යැවෙන්න කි. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය...
Comments
Post a Comment