කෝට්ටේ යුගයේ පංච මහ සංදේශ
පරෙවි සංදේශය
කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය පරෙවි සන්දේශය යි. තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව කියන්නේ මෙලෙසයි
“කඳ කුමරුන් වර ලද පසළොස් වයසවදහළ රහල් වැඩි තැන කල රුවු සඳෙස”
රාහුල හිමියන් වැඩ සිටියේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයෙනුයි. පරෙවියා සංදේශය රැගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට යි.
මේ පුරය (ජයවර්ධන පුරය) අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී.
මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා ය.
මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස වර්ණනා කරයි.
වැනුම් :
මඟ වැනුම්,
පොකුණු වැනුම්,
දෙවි නුවර වැනුම,
රැඟුම් වැනුම,
උපුල්වන් සුරිඳු වැනුම ලෙස වැනුම් විශාල ප‍්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ.
පද්‍ය 230 යි.
කෝකිල සංදේශය
සපුමල් කුමාරයා කතා නායකයා වේ.
මෙය ඔහුට යැවෙන්න කි.
කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය.
දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි.
ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය ගත් සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු පිරිවරට ද, සන්හස් බෝධිනයිනා කැමිදුනට ද, ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඉල්ලා උපුල්වන් දෙවියන් වෙත මෙම සංදේශය දුතයා අත යවයි.
ගිරා සංදේශය
ගිරා සංදේශ රචකයා ආරම්භයේදී දූතයාට ආශිර්වාද කිරිම මෙසේ සිදු කරයි.
"සැරද කිර රද සද - නන් වන් රුවන් රූවන්
යහකුරු මියුරු තෙපුලෙන් -සව් ලෙව් හදන් හදනා"
ලංකාද්විපය රකින හයවන පැරකුම්බා රජතුමා සහ ලංකාද්විපය සතුරු,රෝග යක්ෂ බියෙන් ආරක්ෂාකොට දෙන මෙන් නාථ දෙවියන්ගෙන් ඉල්ලා මෙය රචනා වෙයි.
මේ බැව් 250 සිට 252 කාව්‍යයන් මගින් දක්වා තිබේ.
ගිරවා ගේ ගමනාරම්භය වන්නේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුරයෙන් වන අතර,ගමනාන්තය වන්නේ දකුණු පළාතේ පිහිටි තොටගමුවේ විජයබා පිරිවෙන් භුමිය යි.
කෝන්ගස් සෙවන,
යටියන යන ස්ථාන පසු කරමින් පැපිළියානේ සුනේත්‍රාදේවී පිරිවෙණ තුළ රැයක් ගත කරන ගිරවා අනතුරුව අත්තිඩිය,
මොරටු එළිය,
පානදුරේ,
පොතුපිටිය,
කළුතොට පසු කරමින් කළු ගඟ අසලට පැමිණ එහි ජල ක්‍රීඩා කරන ලඳුන් ද දැක අනතුරුව කලමුල්ල,
පයියාගල,
මග්ගොන,
බේරුවල,
බෙන්තොට,
වනවාසේ පසුකොට වැලිතොටට එළැඹේ.
වැලිතොට දී අම්බලමේ සංවාදයට සවන් දීමෙන් පසු වන පියසට එළැඹෙන ගිරවා අනතුරුව
මහදමපා,
මෝදර,
කහව පසුකොට අවසානයේ දී තොටගමු විහාරයට ලඟා වේ.
පද්‍ය 252යි
හංස සංදේශය
හංස සන්දේශයේ කතුවරයා ද අඥාතය.
"රහල් හිමියන්ගේ පිළිවෙත් නිසරු කොට දුටු ඒ පිරිස ගිරාවට පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනෙහි යෙදවූ බව පෙනේ.
ගිරාවෙහි මෙන් මෙහිද ගත්කරු සැඟව සිටී"
(සිංහල සාහිත්‍ය වංශය - පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල - දෙවන සංස්‌කරණය 1961)
මෙහි කවි 204 කි.
දුතයා හංසයෙකි.
VI වන පැරකුම්බා රජතුමන් සතුරු කරදර වලින් ආරක්ෂා කර දෙන ලෙස උපුල්වන්, කඳකුමරු, සමන්, විභීෂණ යන දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටින්නැයි වනරතන හිමියන්ගෙන් ඉල්ලීම සංදේශයේ අරමුණ වේ.
සැළලිහිණි සංදේශය
තොටගමුවේ ශ්රී රාහුල හිමියන් රචනා කළ සැලළිහිණි සංදේශ කාව්‍යයෙහි විභීෂණ හඳුන්වනු ලැබ ඇත්තේ දෙවියකු ලෙසට යි.
කෝට්ටේ යුගය වන විට ප්‍රබල දෙවියකු ලෙස සලකනු ලැබූ විභීෂණ වූ කලී ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකාවේ විසූ රජෙකි.
ඔහු රාවණා රජුගේ බාල සහෝදරයා ය.
රාවණාගේ මා පියන් වූ වෛශ්‍රවණ රජුට හා කෛකෙසී බිසවට දරුවෝ සය දෙනෙක් වූහ.
එ නම් රාවණා, කුම්භකර්ණා, විභීෂණ, හේම, සුපර්ණිකා සහ අකුල්‍යා ය.
තොටගමුවේ ශ්රී රාහුල මාහිමිපාණන් පරෙවිය කිරීමෙන් අනතුරුව කළ සන්දේශය සැළලිහිණි සන්දේශයයි.
සවැනි පැරකුම් රජුගේ දූ කුමරිය වූ චන්ද්‍රවතිය නන්නුර්තූනයාගර් නමැති මැතිවරයා සමග විවාහ වූවාය.
ඉන් පසු ඇය උලකුඩය නම් වූ දෙමළ නමද ගත්තාය.
නන්නුර්තූනයාගර් - උලකුඩය යුවලට පුත් රුවනක් නොවූයෙන් නැණ ගුණ තෙද යුත් පුත් රුවනක් ලබා දෙන ලෙස අයදිමින් සැළලිහිණි සංදේශය ලියැවිණ.
රාහුල හිමි මෙවර තම අස්න ඉදිරිපත් කරනුයේ කැලණියේ විභීෂණ දෙවියන් වෙතය.
මින් ඉහත යැවුණු සියලු සන්දේශ දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ පිහිට පතා යැවුණත් මේ වන විට ඒ දෙවියන්ගේ තෙද බල පිරිහී ගොස් විභීෂණ දෙවියන් බලවත් වීමෙන් දෝ සැළලිහිණියා කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙයි.
ලියැවුණු සංදේශ කාව්‍ය අතරින් වඩාත්ම ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණතම කාව්‍ය ය හැටියට සැළලිහිණිය සැලකේ.
]උපුටා ගත්ත කි. ගිරාව, සැළලිහිණිය හැර[

Comments
Post a Comment