Posts

අංගුලිමාල දමනය- සැකසුම නදීරා සංජීවනී

මධ්‍යකාලීන සිංහල කතා කලාව.(කැළණිය විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව සඳහා නිර්දිෂ්ඨ.) අංගුලිමාල දමනය... ගුරුළුගෝමී ම විද්‍යා චක්‍රවර්ති ද බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධර්ම සාරති යන බුදු ගුණය හෙළි කිරීම සඳහා අංගුලිමාල දමනය උපයෝිගි කරගෙන ඇත .ප්‍රධාන සිද්ධිය එකක් වුවද දෙදෙනා කතා වස්තුව ඉදිරිපත් කිරීමේදී දෙමඟක් ගෙන ඇත. ගුරුළුගෝමීන් අංගුලිමාල දමනය කියාපෑමේ දී ඔහුගේ උපතේ සිට ඔහු බුදුන් විසින් දමනය කරන ලදුව පැවිදි වියේ පෙර කළ පව් වල විපාක විදි ආකාරය සහ අවසානයේ දී ගැබිනියකට පිහිට වීම හා රහත් වීම ආදී සියලු සිද්ධි ගෙනහැර දැක්වීය.එහිදී ඔහු මජ්ඣිම නිකායේ අංගුලිමාල සූත්‍රයේ පමණක් නොව එහි අටුවාද අටුවා ද උපයෝගී කර ගත්තේය .එම නිසා අමාවතුරට අංගුලිමාල පිළිබද සම්පූර්ණ කතාව ඇතුළත් විය. නමුත් විද්‍යා චක්‍රවර්තීන් අංගුලිමාලගේ උපතේ සිට කරුණු දක්වන්නට උත්සාහ නොකරයි.අංගුලිමාල සූත්‍රය පමණක් ඇසුරු කරගනිමින් එහි ප්‍රධාන හරය පමණක් ගෙන තමන්ට අවශ්‍ය සේ ඉදිරිපත් කරයි.ඔහුට අවශ්‍ය වූයේ අංගුලිමාල පුවත සපුරා දැක්වීම නොව, අංගුලිමාල දමනය කිරීම මගින් බුදුරදුන් කල කල විස්මජනක කාර්ය කාර්යය අසන්නා හමුවේ ප්‍රකාශ කිරීමය.එමගින් අසන...

නුතන සිංහල හෝඩිය

Image

කෝට්ටේ යුගයේ පංච මහ සංදේශ

Image
පරෙවි සංදේශය කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය පරෙවි සන්දේශය යි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව කියන්නේ මෙලෙසයි “කඳ කුමරුන් වර ලද පසළොස් වයසවදහළ රහල් වැඩි තැන කල රුවු සඳෙස” රාහුල හිමියන් වැඩ සිටියේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයෙනුයි. පරෙවියා සංදේශය රැගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට යි. මේ පුරය (ජයවර්ධන පුරය) අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා ය. මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස වර්ණනා කරයි. වැනුම් : මඟ වැනුම්, පොකුණු වැනුම්, දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ලෙස වැනුම් විශාල ප‍්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 යි. කෝකිල සංදේශය සපුමල් කුමාරයා කතා නායකයා වේ. මෙය ඔහුට යැවෙන්න කි. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය...

ගිරා සංදේශය

අන්වය - නන් වන් රුවන් රූවන්, සහ අකුරු මියුරු තෙපලෙන් සව් ලෙව් සතන් හදනා කිර රද සඳ සැරද. අර්ථය - නොයෙක් පැහැති රතන රූපයක් වැනි වූ, අකෂර සහිත මධුර වචනයෙන් සියලු ලෝකයාගේ සිත් ඇද ගන්නා ගිරා රාජොත්තමය, බොහෝ කල් ජීවත් වව. විස්තර - (1) සිංහලයේ සම්භාව්යස ගණයෙහි ලා සැලකෙන සන්දේශ කාව්යු අටක් ඇත. ඒවා නම් තිසර, මයූර, කෝකිල, පරෙවි, සැළලිහිණි, ගිරා, හංස හා සැවුල් යන සන්දේශයන්ය. මේ සෑම කාව්යසයක්මත් අවශේෂ, සන්දේශ සියල්ලමත් පාහේ ආරම්භ වනුයේ ‘සැරද’ යන පදයෙනි. එසේම පක්ෂි‍යාගේ නමට අගින් උත්තමාර්ථවාචී ‘සඳ’ යන පදයද එක් කොට ඇත. සැළලිහිණියා හැරුණු විට අනික් හැම පක්ෂියෙක්ම තමථ වර්ගයට අයත් රාජයෙකි. ‘කිර රද’ ‘සැවුලිඳු’ ආදි යෙදුම්වලින් ඒ බව හැඟවෙයි. පක්ෂියෙකු වුවත් රාජයෙකු දූත කාර්යක යෙදවීම නුසුදුසු බව වටහා ගත්තේ නුවණින් මුහුකුරා ගිය රහල් හිමියන් පමණකි. (2) සාමාන්යුයෙන් දූතයන්ගේ වර්ණනා කෙරුණේ රූප ලාවණ්ය යයි. එහෙත් මයූර, කොවුල්, සැළලිහිණි හා ගිරා යන පක්ෂීන්ගේ කට හඬද වර්ණනා විය. සෙසු පක්ෂීන් ශබ්ද පමණක් නඟන අතර ගිරා, සැළලිහිණි දෙදෙනාට අකුරුද උච්චාරණය කළ හැකිය. එය ‘සුලකළ ‘කුරු’ යැයි සැළසිහිණියා සම්බන්ධයෙන් කිය...