අංගුලිමාල දමනය- සැකසුම නදීරා සංජීවනී
මධ්‍යකාලීන සිංහල කතා කලාව.(කැළණිය විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව සඳහා නිර්දිෂ්ඨ.)
අංගුලිමාල දමනය...
ගුරුළුගෝමී ම විද්‍යා චක්‍රවර්ති ද බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධර්ම සාරති යන බුදු ගුණය හෙළි කිරීම සඳහා අංගුලිමාල දමනය උපයෝිගි කරගෙන ඇත .ප්‍රධාන සිද්ධිය එකක් වුවද දෙදෙනා කතා වස්තුව ඉදිරිපත් කිරීමේදී දෙමඟක් ගෙන ඇත.
ගුරුළුගෝමීන් අංගුලිමාල දමනය කියාපෑමේ දී ඔහුගේ උපතේ සිට ඔහු බුදුන් විසින් දමනය කරන ලදුව පැවිදි වියේ පෙර කළ පව් වල විපාක විදි ආකාරය සහ අවසානයේ දී ගැබිනියකට පිහිට වීම හා රහත් වීම ආදී සියලු සිද්ධි ගෙනහැර දැක්වීය.එහිදී ඔහු මජ්ඣිම නිකායේ අංගුලිමාල සූත්‍රයේ පමණක් නොව එහි අටුවාද අටුවා ද උපයෝගී කර ගත්තේය .එම නිසා අමාවතුරට අංගුලිමාල පිළිබද සම්පූර්ණ කතාව ඇතුළත් විය.
නමුත් විද්‍යා චක්‍රවර්තීන් අංගුලිමාලගේ උපතේ සිට කරුණු දක්වන්නට උත්සාහ නොකරයි.අංගුලිමාල සූත්‍රය පමණක් ඇසුරු කරගනිමින් එහි ප්‍රධාන හරය පමණක් ගෙන තමන්ට අවශ්‍ය සේ ඉදිරිපත් කරයි.ඔහුට අවශ්‍ය වූයේ අංගුලිමාල පුවත සපුරා දැක්වීම නොව, අංගුලිමාල දමනය කිරීම මගින් බුදුරදුන් කල කල විස්මජනක කාර්ය කාර්යය අසන්නා හමුවේ ප්‍රකාශ කිරීමය.එමගින් අසන්නා තුළ බුද්ධ බුද්ධභක්තිය වර්ධනය වේ.
නමුත් ගුරුලුගෝමින් ඊට වඩා පුළුල් දෘෂ්ටියක පිහිටා තම කතාව විකාශනය කොට ඇත.අංගුලිමාල සූත්‍රයේ නොයෙදෙත් අහිංසක නම් කුමාරයා අංගුලිමාල යෙකු වූයේ කෙසේද යන්න එහි අටුවාවෙහි සඳහන් වේ. එය මුල් කර ගනිමින් අහිංසක කුමාරයාගේ උපතේ සිට සිදුවීම් මාලාව ඉදිරිපත් කරයි.එමගින් සමාජ විෂමතා නිසා කිසිදාක සතුන් නොමරන කුලයක උපන් අහිංසක වැනි විනීත පුද්ගලයින් සමාජය ද්‍රෝහීන් වී මිනිසුන් මරණ තැනට පෙළඹවිය හැකි බව තහවුරු කරවයි.මිනිසුන් මරණ අංගුලිමාල දමනය කිරීමෙන් බුදුන් විෂම පුරුෂයන් දමනය කිරීමට සමත්වන බව පමණක් කියා පෑම ගුරුලුගෝමින් අදහස් කර නැත.කවර තරමේ ප්‍රචණ්ඩ හිත් පිත් නැති සාහසිකයෙකු වුව ද ,සානුකම්පිත ලෙසත් බුද්ධිමත් ලෙසත් ලෙස කරනු ලබන මඟ මගපෙන්වීම නිසා සමාජයට හිතකර පුද්ගලකු පත් කර හැකි බව මෙමගින් පසක් වේ.
විද්‍යා චක්‍රවර්ති අංගුලිමාල කතාව ආරම්භ කරන්නේ අංගුලිමාලගේ ප්‍රචණ්ඩ සාහික් ත්ත්වය අසන්නාගේ අවධානයට යොමු කරමින්ය.තම කවිත් වේද උපයෝගී කරගන්නා ඔහු අංගුලිමාලගේ ප්‍රචණ්ඩ සාහිකත්වය මෙලෙස කියාපායි.
"තවද දහසක් ඇඟිලි කපා ගුරු පූජා කළෙමි ,මගකට බැස යමයාගේ දළ සේ භයංකර වූ ......"
අංගුලිමාලගේ මෙම භයංකර විලාසය විද්‍යා චක්‍රවර්ති ගේ කවිත්වය මනා නිදසුනකි.හෙළ අටුවාවන්හි එන සිදුවීම් තමන්ගේ බසින් භයානක රසය කුළු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා උපමා හා බස් වහර යොදා ගැනීමට ඔහු මැනවින් සමත් වී ඇත. අංගුලිමාල සොයා මග වඩින බුදු රජුන්ට අංගුලිමාලගේ සාහසික බව අසන්නට ලැබේ.
"මඟතෙහි දුටු දුටු දරා ගෙනෙනුවෝ ,තණ ගෙනෙනුවෝ ඔවුන් දැක,වහන්සේ මඟ නො වැඩිය මැනවයි ඒ නුඹ ඉදිරියේ වල් කඩා ම්ව්න් නොහඳුනන පියන් නොහඳුනන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පෙර මැ නොහදුනන"
මගදි හමුවන්නන් කරන මෙම ප්‍රකාශයෙන් ඔවුන්ගේ සිත් තුළ අංගුලිමාල පිළිබඳ පැවති බිය මැනැවින් හෙළි කරයි. එහෙත් අංගුලිමාල සූත්‍රයේ මග සිටියවුන් කළ ප්‍රකාශය පරිවර්තන ස්වරූපයෙන් දක්වන ගුරුළුගෝමීන් ඔවුන්ගේ බිය වඩ වඩාත් සිත්ගන්නා අයුරින් දනවන සේය. පීඩාවට පත් අංගුලිමාල බුදුන් දැක ලුහු බැද ගන්නා අයුරු සහ එහෙයින් විඩාවට පත්වන අයුරු ගුරුළුගෝමීන් ට වඩා සිත්ගන්නා පරිදි විද්‍යා චක්‍රවර්ති ඉදිරිපත් කරයි. අවස්ථා නිරූපණයෙහි ලා විද්‍යා චක්‍රවර්ති සතු කුසලතාව එමගින් එළිදකී .බුදුන් හැඳින අංගුලිමාල බුදුන් හමුවේ වැඩ වැටුණු අයුරින් විද්‍යාචක්‍රවර්තීන් අසන්නා හමුවේ තබන්නේ අවස්ථාවට උචිත පරිදි භාෂාවත්,රීතියක් සකසා ගැනීමට සමත් කවියෙක් ලෙසින් ය .
"ඒ මිහිරි රුව ඇසඑත්ම ,ඒ මිහිරි කටහඬ කන එත්ම,දකුණතින් ගත් කඩුව බිම වැටී හෙණ බැව් නොදැන ,වම් අතින් ගත් පළඟ වැටී හෙණ බැව් නොදැන දෙය දෙයකින් හෙළා ශ්‍රී පාදයෙහි වැතිර ගොස්...."
තමා කෙරෙහි අනුකම්පාවෙන් පැමිණි බුදුන් දැකීමෙන් අංගුලිමාල තුළ ඇති වූ බුදුන් පිළිබඳව ගෞරවය භක්තිය මෙන්ම විස්මය හා බැදුණු සෙනෙහස ද මිශ්‍ර වූ මානසික ස්වභාවය පමණක් නොව, ඒ වේලෙහි ඔහු නොදැනුවත්වම ඔහු කෙරෙහි ආරෝපණය වූ ඉරියව් පැවැත්ම ද මේ කොටසින් මැනවින් නිරූපණය කිරීමට විද්‍යා චක්‍රවර්ති සම වී ඇත.
Comments
Post a Comment